27.8 C
Colombo
Friday, April 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයාපනයේ වෙළෙඳසැල් 03ක් ගින්නෙන් අලුවෙයි

යාපනයේ වෙළෙඳසැල් 03ක් ගින්නෙන් අලුවෙයි

යාපනය නගරයේ ගොඩනැගිල්ලක පිහිටි වෙළෙඳසැල් තුනක අද (28) අළුයම් කාලයේදී හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

යාපනය පොලිසිය, යාපනය මහනගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න මැඩපවත්වා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ගින්න හේතුවෙන් රෙදිපිළි වෙළෙඳසැලක් හා පාසල් බෑග් වෙළෙඳසැලක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර යාබඳ පිහිටි තවත් වෙළෙඳසැල් දෙකකට හානි සිදුව ඇතැයි පොලිසිය පවසයි.

ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැත. විදුලිබල මණ්ඩලය විසින් අදාළ ගොඩනැගිල්ලේ විදුලි සැපයුම ද තාවකාලිකව විසන්ධි කර ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.