― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුක්තියේ මෙහෙයුමෙන් 1422ක් අත්අඩංගුවට

යුක්තියේ මෙහෙයුමෙන් 1422ක් අත්අඩංගුවට

ඊයේ (27) දිනයේදී රට පුරා සිදු කළ යුක්තියේ මෙහෙයුමේදී සැකකරුවන් 1422ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් සැකකරුවන් 35ක් සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

සැකකරුවන් තුන්දෙනෙකු සම්බන්ධයෙන් නීතිවිරෝධි වත්කම් විමර්ශන ආරම්භ කර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් 37 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 73 දෙනෙකුද ඊයේ අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී හෙරොයින් ග්‍රෑම් 347ක්, අයිස් ග්‍රෑම් 827 ක් සහ ගංජා කිලෝ 5 යි ග්‍රෑම් 475 ක් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.