28.4 C
Colombo
Tuesday, August 5, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇගවීම්

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇගවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක කිහිපයකට අද (29) පස්වරු 2.30 දක්වා බලපැවැත්වෙන පරිදි නායයාමේ පූර්ව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, හාලි ඇල, සහ බණ්ඩාරවෙළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිල්ලෙන් පසුවන ලෙසයි එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ සොරණතොට සහ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අවදානම් කලාපයක් ලෙස නම් කර තිබෙනවා.

එසේම මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම, මොණරාගල දිස්ත්‍රික්කයේ මැදගම, සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත සහ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට විමසිල්ලෙන් පසුවන ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.