23.4 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපති නව වසරේ රාජකාරී අරඹයි

ජනපති නව වසරේ රාජකාරී අරඹයි

උදා වූ 2024 නව වසරේ රාජකාරී ආරම්භ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මැති ඇමතිවරුන් සහ සිය කාර්ය මණ්ඩලය හමු විය.

නව වසරේ රාජකාරි ආරම්භ කිරීම සනිටුහන් කරමින් ජනාධිපතිවරයා විසින් ජාතික ධජය එසවීමෙන් පසු රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහි කරමින් විනාඩි 02ක නිශ්ශබ්දතාවයක්ද පැවැත්විණි.

අනතුරුව ජනාධිපති කාර්යාලයේ සියළු කාර්ය මණ්ඩලය එක්ව රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දුන්හ.

නව වසර වෙනුවෙන් සිය කාර්ය මණ්ඩලයට සුබ පැතූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද කථා බහකටද එක් විය.

අභියෝග නිවැරදිව අවබෝධ කර ගනිමින් 2024 රට ජයග්‍රහණයේ මාවතේ ගෙන යාමට සුබවාදී ආකල්පයන්ගෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව සියළුදෙනා එක්ව කැපවීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

මින් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැති ඇමතිවරු සහ කාර්ය මණ්ඩලය සමඟ තේ පැන් සංග්‍රහයකටද එක් විය.