26.7 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනව අධ්‍යාපන ලේකම් වැඩ අරඹයි

නව අධ්‍යාපන ලේකම් වැඩ අරඹයි

නව අධ්‍යාපන ලේකම් ලෙස පත්කෙරුණු වසන්තා පෙරේරා අද (01) දිනයේ එම තනතුරේ රාජකාරී ආරම්භ කළා.

මීට පෙර ඇය අධිකරණ, විදුලිබල හා බලශක්ති, සෞඛ්‍ය සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශයන්හි ලේකම් ධුරයේ කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මුදල්, ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යාංශවල ප්‍රධාන නායකත්ව තනතුරුවලද සේවය කර ඇති ඇය ශ්‍රී ලංකා තානාපති සේවයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක් ලෙස ද කටයුතු කළ තැනැත්තියක්.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා උපාධිධාරියෙකු වන වසන්තා පෙරේරා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික සංවර්ධන පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්ද ලබා තිබෙනවා.