23.4 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනව වසරේ ඉන්ධන මිලෙත් වෙනසක්

නව වසරේ ඉන්ධන මිලෙත් වෙනසක්

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව මඟින් ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20.00කින් මිල ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92ක පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 366.00ක්. මීට අමතරව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 38.00කින් මිල ඉහළ දමා ඇති අතර ලංකා සුදු ඩීසල් ලීටරයක මිල ද රුපියල් 29.00කින් ඉහළ දමා තිබෙනවා.

එමෙන්ම සුපිරි ඩීසල් ලීටරයක් මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 41.00කින්.
අද (01) උදෑසන 5.00 සිට මෙම මිල ගණන් සංශෝධනය ක්‍රියාත්මකයි.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 366.00ක්. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 464ක්. 00සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 358.00ක්. සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 475.00ක්.