26.1 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News2023 දී රේගුවට වාර්තාගත ආදායමක්

2023 දී රේගුවට වාර්තාගත ආදායමක්

ශ්‍රී ලංකා රේගුව පසුගිය 2023 වසරේ රුපියල් බිලියන 970 ක් හෙවත් රුපියල් කෝටි 97,000 ක ආදායමක් උපයා තිබෙනවා.

ශ්‍රී ලංකා රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂ සීවලි අරුක්ගොඩ පැවසුවේ මෙය ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ වර්ෂයකදී ලැබූ ඉහළතම ආදායම වාර්තා කළ බවයි.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව 2018 වසරේ ලැබූ රුපියල් බිලියන 923 ක් හෙවත් රුපියල් කෝටි 92,300ක් ලබා තිබූ අතර එය මීට පෙර ඉහළතම වාර්ෂික ආදායම ලෙස පැවතුණු බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මෝටර් රථ ආනයනය අත්හිටුවා ඇති පසුබිමක සහ බොහෝ ආනයන සීමා කර තිබූ වාතාවරණයක් තුළ මෙවැනි ආදායමක් ලැබීම කැපී පෙනෙන ලක්ෂණයක් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.