― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකුඩු විකුණූ මව හා දියණිය බඩුත් එක්කම අල්ලයි

කුඩු විකුණූ මව හා දියණිය බඩුත් එක්කම අල්ලයි

මත්කුඩු ජාවාරමේ නිරත වූ මවක් සහ දියණියක් ඇතුළු තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මොවුන් තිදෙනා වාලච්චේන – බිරන්දරච්චේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු 20 වන වියේ පසුවන අතර දියණිය 21 වියේ සහ ඇගේ මව 48 වන වියේ පසුවනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 40 ක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 980 ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැකකෙරෙන රුපියල් දොලොස් ලක්ෂ 22,300 ක මුදලක්ද සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.