30.6 C
Colombo
Sunday, May 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු යුවළක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු යුවළක් අත්අඩංගුවට

වවුනියාවේ සිදම්බරපුරම් ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදු කරගෙන ගිය යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මොවුන් දෙදෙනා පෙම්සුව විඳිමින් සිටියදී අත්අඩංගුවට ගත් බවත් ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් මත්ද්‍රව්‍ය අලෙවි කරන යුවළක් බව අනාවරණය වූ බවත්ය.

ඔවුන් දෙදෙනා තාවකාලිකව පදිංචි වී සිටි සිදම්බරපුරම් ප්‍රදේශයේ නිවසක තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 980ක්, කේරළ ගංජා කිලෝවක් හා පාසල් සිසුන්ට අලෙවි කරන මත්පෙති 300ක් හමු වී තිබෙනවා.

පොලීසියට සැක සිතී තරුණියගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී ඒ තුළ සගවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කුඩා පැකැට් කීපයක්ද හමු වී තිබෙනවා.

සැකකාර යුවළ වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.