― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොකුවිල් පොලිසියේ යකා නැටූ පවුලක් අත්අඩංගුවට

කොකුවිල් පොලිසියේ යකා නැටූ පවුලක් අත්අඩංගුවට

කොකුවිල් පොලිස් ස්ථානයේදී කලහකාරී ලෙස හැසිරුණු එකම පවුලේ මව, දියණිය හා පුතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රිරෝද රථ රියැදුරකුට පහර දී හානි කළ බව පවසමින් මව දියණිය සහ පුතාට එරෙහිව පැමිණිල්ලක් කිරීමට ත්‍රිරෝද රථ රියදුරකු කොකුවිල් පොලිසියට පැමිණ ඇති අතර ඔවුන් තිදෙනා ත්‍රිරෝද රථ රියැදුරාට විරෝධය පළ කර පොලිස් ස්ථානය තුළ කලහකාරී ලෙස හැසිරී තිබෙනවා.

එම අවස්ථාවේදී මොවුන් පොලිස් නිලධාරිනියක ඇතුළු තිදෙනෙකුට පහර දී, තවත් නිලධාරීන් සපා කා තිබෙනවා.

තුවාල ලැබූ පොලිස් නිලධාරින් මඩකලපුව මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.