25 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඈන් කුමරිය දිවයිනට පැමිණෙයි

ඈන් කුමරිය දිවයිනට පැමිණෙයි

එළිසබෙත් මහ රැජිණගේ දියණිය වන බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය තෙදින නිල සංචාරයක් සඳහා අද (10) මෙරටට පැමිණ තිබෙනවා.

විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ, ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානීය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරය සඳහා මෙරට රජය කළ ආරාධනය මත කුමරිය මෙරට සංචාරයේ නිරතවන බවයි.

ඒ අනුව ඈන් කුමරිය සහ ඇගේ සැමියා වන ශ්‍රීමත් තිමති ලෝරන්ස් තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ තිබෙනවා.

මෙම සංචාරයේදී ඇය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද හමුවීමට නියමිතය.