32.2 C
Colombo
Thursday, April 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsටින් අංකය තරුණයන්ට විශාල පීඩනයක්

ටින් අංකය තරුණයන්ට විශාල පීඩනයක්

ටින් අංකය ජනතාවට හා තරුණයන්ට විශාල පීඩනයක් වී ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ අද (11) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

තරුණයන්ට රැකියා නැහැ. ටින් අංක දෙනවා. ආදායම අනුව තමයි ලියාපදිංචි කරන්න ඕන. අවුරුදු 18දී අපි එදා බදු ගෙව්වද. අපි නීති විද්‍යාලයට ගිහිල්ලා පිටවෙලා අවුරුදු ගාණක් ගියාට පස්සේ තමයි බදු ගෙව්වේ. මේක ජනතාවට තරුණයන්ට පීඩනයක්. ටින් නම්බරයක් ඇරියෙ නැතිවුණොත් නඩු දානවා කියන එක පීඩනයක්. පරාතී නීතිය අත්හිටුවන්න කියලා අපි ඉල්ලුවා. මේ ආණ්ඩුව ඒ නීතිය අත්හිටෙව්වේ පොළොන්නරුවේ වී මෝල්කාරයන්ට විතරයි.