― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුක්තියෙන් තවත් 952ක් අත්අඩංගුවට

යුක්තියෙන් තවත් 952ක් අත්අඩංගුවට

2024.01.14 දින අලුයම 12.30 සිට 2024.01.15 වන දින අලුයම 12.30 දක්වා කාලය තුළ පොලිසිය සිදුකළ ‘යුක්තිය’ විශේෂ මෙහයුමේ දී සැකකරුවන් 952 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් සැකකරුවන් 11ක් සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.

ඊට අමතරව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් 10 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 29ක් ද මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර හෙරොයින් ග්‍රෑම් 276ක්, අයිස් කිලෝ 02යි ග්‍රෑම් 980ක්, කොකේන් ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 50ක්, ගංජා කිලෝ 02යි ග්‍රෑම් 817ක්, ගංජා පැල 235212ක්, ඈෂ් ග්‍රෑම් 04යි මිලිග්‍රෑම් 130ක්, කුෂ් ග්‍රෑම් 01යි මිලි ග්‍රෑම් 250ක්, මාවා ග්‍රෑම් 165ක්, තුල් ග්‍රෑම් 04යි මිලිග්‍රෑම් 893ක්, මදන මෝදක ග්‍රෑම් 139ක් සහ මත්පෙති 4310 ක් ද මෙම විශේෂ මෙහෙයුමේ දී අත්අඩංගුවට ගත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.