27.2 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආරච්චිකට්ටුවේ කසිප්පු ස්කාගාර 04ක් වටලයි

ආරච්චිකට්ටුවේ කසිප්පු ස්කාගාර 04ක් වටලයි

ආරච්චිකට්ටුව, බුරුතකැළේ ප්‍රදේශයේ මහා පරිමාණයෙන් සිදු කරගෙන ගිය කසිප්පු ස්කාගාර 04ක් වටලා තිබෙනවා.

හලාවත කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය පැවසුවේ ගෝඩා තොගයක් සමග උපකරණ අමුද්‍රව්‍ය සහ පුද්ගලයන් සිව් දෙනෙකු ඊයේ (16) අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ආරච්චිකට්ටුව, බුරුතකැළේ ප්‍රදේශවල පදිංචිකරුවන් සිව් දෙනෙකු වන අතර එම ස්ථානයේ තිබූ ගෝඩා තොගය භාවිතා කරමින් කසිප්පු ලීටර් 6000 ට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකි බවයි පොලිසිය පවසන්නේ.

එමෙන්ම සියලු සැකකරුවන් සමඟ නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.