― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsගනේමුල්ල සංජීව පිටතට රැගෙන නොයන්නැයි නියෝගයක්

ගනේමුල්ල සංජීව පිටතට රැගෙන නොයන්නැයි නියෝගයක්

මේ වනවිට වීරගුල පොලිසියේ රඳවාගෙන සිටින පාතාල කල්ලි නායකයකු බව කියන ගනේමුල්ල සංජීව නැමැත්තා පෙබරවාරි මස 27 වැනිදා තෙක් දැනට රඳවා සිටින ස්ථානයෙන් පිටතට රැගෙන යාමෙන් වළකින ලෙස අභියාචනාධිකරණය අද (24) නියෝග කළා.

ගනේමුල්ල සංජීවගේ මව විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

අදාළ පෙත්සම ලබන 27 වැනිදා යළි කැඳවීමටයි අභියාචනාධිකරණය නියෝග කළේ.