― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsපාලකයන්ට නිවැරදි උපදෙස් ලබානොදීම නිසයි රටට මෙහෙම වුණේ

පාලකයන්ට නිවැරදි උපදෙස් ලබානොදීම නිසයි රටට මෙහෙම වුණේ

රට ආර්ථික අර්බුදයකට ලක් වූයේ අවශ්‍ය අවස්ථාවේදී නිවැරදි උපදෙස් පාලකයන්ට ලබානොදීම හේතුවෙන් බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසනවා.

මහබැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ රට බංකොළොත්භාවයට පත්වීමට හේතු සෙවීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදෙමිනි.

එහිදී සාගර කාරියවසම් මහබැංකු අධිපතිවරයාගෙන් අසා සිටියේ “අපි දන්නවා කොවිඩ් කාලයේ රට වහලා තිබුණාම ආයෝජන එන්නේ නැහැ කියලා ? විදේශ සංචාරකයින්ගෙන් ලැබෙන ආදායම බිංදුව දක්වා ගියා. ඔබතුමා පිළිගන්නවාද කොවිඩ් තත්ත්වය මේකට ලොකු බලපෑමක් සිදුකළා කියලා?” යනුවෙනි.

ඊට පිළිතුරු දෙමින් මහබැංකු අධිපතිවරයා මෙසේද කීය.

කොවිඩ්, ආර්ථික ක්‍රියාකාරීත්වය අඩුකළා. ඊට අමතරව මම කියනවා කළු කඩ නිසා සල්ලි නැතිව නෙමෙයි ආනයනයෙන් වැඩි වුණානේ. බිලියන 2 දක්වා ආනයනය ඉහළ ගියා. ඒවට මුදල් යෙදෙව්වේ අන්න ඒ වගේ වෙන මාර්ගයකින් ගිය මුදල් මඟින්. එතැනින් තමයි ඒ අර්බුදය ආවේ. වැඩක් වුණාට පස්සේ කොහොමද වුණේ කියන එක හැමෝටම සාකච්ඡා කර තෝරා ගන්න පුළුවන්. නමුත් අවශ්‍යතාවය තියෙන්නේ එහෙම අඩුවේගෙන යනකොට ඒ යන අවධානම දැක්කාම. එය දැක දැක ක්‍රියාමාර්ග ගැනීමට නියමිත උපදෙස් ඒ අවස්ථාවේ සිටි නිලධාරීන් ලබාදුන්නාද නැද්ද යන එක තමයි මම දකින්නේ. දැනුම් නොදී මේක ප්‍රශ්නයක් නැහැ. කරගන්න පුළුවන් කිය කිය ඉඳලා අන්තිමට රට බංකොලොත් වුණාට පස්සේ මේවා මෙහෙමයි වුණේ අරක නිසා මෙහෙම වුණා. සමහර දේවල් නැතිවුණා කියලා මරණ පරීක්ෂණ පැවැත්වීම ඕනෑම කෙනෙක්ට ගන්න පුළුවන්. ඒ වගේම ඔබතුමාලා සොයන්න ඕන ඇයි ඒ වෙලාවේ ලක්ෂ 69ක් ජනතාව පත්කරපු රජයේ ආයතනයට දැනුම් නොදුන්නේ. කවුද ඒකට වගකිව යුත්තේ ? මෙච්චර අනතුරු ඇඟවීමේ තියෙද්දි, ඒ අනතුරු ඇඟවීම් නොසලකා ඒක ප්‍රශ්නයක් නෑ සර්. මේක පුළුවන් මෙහෙම යන්න කිය කිය ඒ අය මුලා කරේ. මේ තියන ආර්ථික අර්බුදය ඇති වෙන්න හේතුව. වගකිව යුත්තේ කවුද? මොකද්ද වෙන්න ඕනේ කියන එක සොයා බැලීමේ හේතුව මම යෝජනා කරනවා.