26.1 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජගත් මනුවර්ණට ඩකා සම්මාන උළෙලේදී සම්මානයක්

ජගත් මනුවර්ණට ඩකා සම්මාන උළෙලේදී සම්මානයක්

22 වන ඩකා අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය මෙරට ජනප්‍රිය කලාකරුවෙක් වන ජගත් මනුවර්ණ විසින් හිමිකරගෙන තිබෙනවා.

ඔහුගේ කුළුඳුල් සිනමා නිර්මාණය වන ‘රහස් කියන කඳු’ චිත්‍රපටය වෙනුවෙන් එම සම්මානය හිමි වුණා.

‘වඩා හොඳ චිත්‍රපටයක්, හොඳ ප්‍රේක්ෂක පිරිසක් සහ යහපත් සමාජයක්’ යන තේමාව යටතේ ජනවාරි 20 සිට 28 දක්වා ඩකා අන්තර්ජාතික සිනමා උළෙල පැවැත්වුණා.

මෙම සිනමා උළෙලේ චිත්‍රපට 253ක් ප්‍රදර්ශනය කෙරුණා.