― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsමුලතිව් මුහුදේ අතුරුදන් වූ අයෙක්ගේ මළ සිරුර හමුවෙයි

මුලතිව් මුහුදේ අතුරුදන් වූ අයෙක්ගේ මළ සිරුර හමුවෙයි

මුලතිව්, මාතලන් මුහුදු සීමාවේ දිය නෑමට ගිහින් අතුරුදහන්වු පුද්ගලයාගේ මළ සිරුර ඊයේ (29) සවස වෙරළට ගොඩගසා තිබියදී සොයාගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කරන්නේ, මුලතිව්, පුදුකුඩිඉරිප්පු, 10 වන පටුමඟ ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි රාසදුරෙයි කස්තූරියන් නැමැති පුද්ගලයෙකුගේ මළ සිරුර එලෙස වෙරළට ගොඩගසා තිබූ බවයි.

එම ප්‍රදේශයේ ධීවරයින් මියගිය පුද්ගලයා සහ තවත් පිරිසකට අදාළ මුහුදු සීමාවේ දිය නෑමට නොයන ලෙස දැනුම් දී තිබුණ ද එම අවවාද නොතකා දිය නෑමට ගිය මරණකරු පසුගිය 28 වැනිදා සවස මෙලෙස අතුරුදන් වී තිබුණා.

මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණ මුලතිව් මහේස්ත්‍රාත්වරයා විසින් ඊයේ (29) පස්වරුවේ සිදුකළ අතර මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මුලතිව් රෝහල් මෘත ශරීරාගාරයට යොමුකර තිබෙනවා.