― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවවුනියාවේ ළිඳකින් කාන්තා මළ සිරුරක් හමුවෙයි

වවුනියාවේ ළිඳකින් කාන්තා මළ සිරුරක් හමුවෙයි

වවුනියාව, කුරුමන්කාඩු, කාලි කෝවිල වීදිය ප්‍රදේශයේ ගෙවත්තක පිහිටි ළිඳක තිබී කාන්තා මළ සිරුරක් අද (30) සොයාගෙන තිබෙනවා.

වවුනියාව පොලිසිය පැවසුවේ මෙම මළ සිරුර 29 හැවිරිදි ජෙනිටා නැමැති කාන්තාවකගේ බවයි.

මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා විදේශගතව සිටින අතර මියගිය කාන්තාව හා ඇයගේ හත් හැවිරිදි දරුවා ස්වාමිපුරුෂයාගේ ඥාතීන් ද සමඟ ඔවුන්ගේ නිවසේ ජීවත්ව තිබෙනවා.

මියගිය කාන්තාවගේ මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව එය පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයට යොමුකිරීමට නියමිතයි.

මෙම මරණය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.