― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsනාසා විද්‍යාඥයින් නව ග්‍රහලෝකයක් සොයාගනී

නාසා විද්‍යාඥයින් නව ග්‍රහලෝකයක් සොයාගනී

අමෙරිකාවේ නාසා විද්‍යාඥයින් විසින් අභ්‍යවකාශ දුරේක්ෂයේ ආධාරයෙන්, ජල අංශු පිරි වායුගෝලයකින් සමන්විත ග්‍රහලෝකයක් සොයාගෙන තිබෙනවා.

GJ 9827 d යන නමින් විද්‍යාඥයන් මෙම නව ග්‍රහලෝකය නම් කර තිබෙනවා.

පෘථිවියේ සිට ආලෝක වර්ෂ 97 ක් දුරින් මෙම ග්‍රහලෝකය පිහිටා ඇති අතර මෙහි විෂ්කම්භය පෘථිවියේ විෂ්කම්භය මෙන් දෙගුණයක්.

මෙම ග්‍රහලෝකයේ පවතින උෂ්ණත්වය සෙල්සියස් අංශක 427ක් බවයි පර්යේෂකයින් පවසන්නේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ ජල අංශු පිරි, වායුගෝලයකින් සමන්විත වීම යනු මෙම ග්‍රහලොවේ ජීවීන් සිටීමට ඉඩ ඇති බව හෝ ජීවය පහළ වීමට අවශ්‍ය සාධක ඇති බවයි.