― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsනිදහස් දින වෙනුවෙන් සඳුදා නිවාඩු නැහැ

නිදහස් දින වෙනුවෙන් සඳුදා නිවාඩු නැහැ

මෙවර නිදහස් දිනය ඉරිදා දිනක යෙදී තිබුනද ඊට පසු දින එනම්, සඳුදා (05) රාජ්‍ය ආයතනවලට නිවාඩු ලබාදීමක් සිදුනොකරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා.

මෙරට 76 වන නිදහස් දිනය පෙබරවාරි 04 වැනිදා එනම්, ඉරිදා දිනයේදී සමරනු ලබනවා.

එලැඹෙන සඳුදා (05) රජයේ නිවාඩු දිනයක් බවට පත්කරන බවට පළවන ඇතැම් වාර්තාවල නිවැරදිතාවය තහවුරු කරගැනීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් අප කළ විමසීමකදීයි ඔහු මේ බව කියා සිටියේ.