27.2 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමුදලට පහස විකිණූ කතුන් 06ක් අල්ලයි

මුදලට පහස විකිණූ කතුන් 06ක් අල්ලයි

රත්මලාන ප්‍රදේශයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පත්වාගෙන ගිය සැකකාරියන් හයදෙනෙකු ඊයේ (01) සවස ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම වැටලීම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම වැටලීමේදී එහි කළමණාකාරවරියක් සහ කළමණාකරනයට සහාය වීම සම්බන්ධයෙන් සැකකාරියන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 21, 25, 26, 30, 33 හා 51 වයස්වල පසුවන කොළඹ 14, පදවිය, කහවත්ත, වනාතවිල්ලුව, කටබුලාව හා වංචාවල ප්‍රදේශවල පදිංචිකාරියන්.

මේ පිළිබඳව ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.