28.4 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනිදහස් දා රැඳවියන්ට අමුත්තන් බැලීමට අවස්ථාව

නිදහස් දා රැඳවියන්ට අමුත්තන් බැලීමට අවස්ථාව

76 වැනි නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන්ට අමුත්තන් පෙන්වීමේ වැඩසටහනක් මේ මස 4 ක්‍රියාත්මක කෙරෙන බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක පවසනවා.

එදින දිවයිනේ සියලු බන්ධනාගාරවල එම වැඩසටහන ක්‍රියාත්මක වන අතර එක් රැඳවියෙකු වෙනුවෙන් ඥාති හිත මිතුරන් තිදෙනෙකුට පැමිණීමට අවස්ථාව ලැබෙනවා.

සිරකරුගේ ඥාතීන් රැගෙන එන ආහාර සහ වෙවනත් පාර්සලයක් එක් අයෙකුට සරිලන ප්‍රමාණයට පමණක් ගෙනවිත් එම සිරකරුට දියයුතු බවත් තහනම් ද්‍රව්‍ය බන්ධනාගාර පරිශ්‍රවලට රැගෙන ඒම තහනම් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.