28.4 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබහින්බස් වීමක් මරණයෙන් අවසන් වෙයි

බහින්බස් වීමක් මරණයෙන් අවසන් වෙයි

බහින්බස්වීමක් දුරදිග යාමෙන් මිනුවන්ගොඩදී පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.

මිනුවන්ගොඩ – නිල්පනාගොඩ ප්‍රදේශයේ ඊයේ (01) රාත්‍රියේ දෙදෙනෙක් අතර ඇති වූ බහින්බස් වීමකදී එක් අයෙක් විසින් අනෙකාට තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ නිල්පනාගොඩ පදිංචි 32 හැවිරිදි වියේ පසුවන යුද හමුදා සෙබළෙකු බවයි.

මීට දින කිහිපයකට පෙර යුද හමුදා සෙබළාගේ නිවසට සොරෙක් පැන ඇති අතර ඔහුගේ බිරිඳගේ රත්‍රං මාලයක් නැති වී තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන හමුදා සෙබළාට මෙම පුද්ගලයා ගැන සැක සිතී ඒ පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

එම අවස්ථාවේදීයි සැකකරු විසින් හමුදා සෙබළාට මෙලෙස තියුණු ආයුධයකින් පහර දී ඇත්තේ.