26.7 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදෙස් තරුණියකට හදි කළ දෙදෙනෙක් අල්ලයි

විදෙස් තරුණියකට හදි කළ දෙදෙනෙක් අල්ලයි

25 හැවිරිදි ඇමරිකානු ජාතික තරුණියකට අතවර කළ සංචාරක මඟ පෙන්වන්නෙකු සහ තවත් අයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය සංචාරයක් සඳහා මෙරටට පැමිණ ඇති අතර එහිදීයි මෙම අතවරය ඇයට සිදු වී ඇත්තේ.

අතවරයට ලක්වූ බව කියන තරුණිය නානුඔය පොලීසියට ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ තමන්ට මහනුවර නවාතැන්පොළක දී පසුගිය 29 වැනිදා අතවරයක් සිදුවූ බවත් ඇයගේ ඇමරිකානු ඩොලර් 6000ක රන් ආභරණ සොරාගෙන ඇති බවත්ය.

එම පැමිණිල්ලට අනුවයි මහනුවර පොලීසියේ අපරාධ විමර්ශන අංශය මඟින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පසුගිය 30 වැනිදා මහනුවර සිට බදුල්ල බලා දුම්රියෙන් ගමන් ගනිමින් සිට ඇති මෙම තරුණිය හඬමින් සිටිනු දුටු පිරිසක් ඒ පිළිබඳව විමසා ඇයව නානුඔය පොලීසියට යොමුකර තිබුණා.

ඇමරිකානු ඩොලර් 2400 ක් වටිනා රන් අත් පලඳනාවක් ද, ඩොලර් 3600 ක් වටිනා මාලයක් සහ දියමන්ති ඔබ්බවන ලද කරාබු දෙකක් ද තමන් අතවරයට ලක් කළ පුද්ගලයින් විසින් සොරාගෙන ඇති බවට ඇමරිකානු ජාතික තරුණිය පොලීසියට පැමිණිල්ලි කර තිබෙනවා.

පසුව මේ සම්බන්ධයෙන් විමර්ශන කළ මහනුවර පොලිසියේ අපරාධ අංශය සැකපිට අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් දෙදෙනා අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර වාර්තාවක් ලබා ගැනීමට ද පියවර ගෙන තිබුණා.

පැමිණිල්ල කළ තරුණිය ද අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට උත්සාහ කළත් ඇය ඒ සඳහා ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

සංචාරක මඟ පෙන්වන්නා සහ තවත් අයෙකු සමඟ මහනුවර නවාතැන්පොළක දී මත්පැන් පානය කළ බවත් ඉන්පසුව තමන් අඩ නිරුවතින් ඇඳක් මත සිටි බවත් ප්‍රකාශ කර තිබෙන පැමිණිලිකාරිය ඒ අතර සිදුවූ කිසිවක් මතක නැති බවයි පොලීසිය හමුවේ පවසා ඇත්තේ.