28.9 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහරක් කටාට සහය දුන් කොස්තාපල් අත්අඩංගුවට

හරක් කටාට සහය දුන් කොස්තාපල් අත්අඩංගුවට

හරක් කටාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයෙන් මිදී පලායාමට ආධාර අනුබල දුන් බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය පවසන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසු වූ හරක් කටා 2023 සැප්තැම්බර් 10 වැනිදා පොලිස් නිලධාරින් හට රසායනික ද්‍රව්‍යයක් ශරීරගත ගත කර ආරක්ෂාවට සිටි පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළාගේ ගිනිඅවිය උදුරාගෙන පලායාමට දැරූ උත්සාහය ව්‍යර්ථ විය.

මෙලෙස පොලිස් නිල්ධාරීන් හට රසායනික ද්‍රව්‍යයක් ශරීරගත කළ බව කියන කොස්තාපල්වරයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.