23.4 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනිවසක උඩු මහලෙන් වැටී දරුවෙක් ජීවිතක්ෂයට

නිවසක උඩු මහලෙන් වැටී දරුවෙක් ජීවිතක්ෂයට

කුරුණෑගල ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසක උඩුමහලෙන් වැටී වැටී 15 හැවිරිදි පිරිමි ළමයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඊයේ (01) පස්වරුවේ සිදු වූ මෙම අනතුරින් කුරුණෑගල, හිඳගොල්ල, ගල්පොත්තවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි
15 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙම දරුවාගේ මව වසර එකහමාරකට පෙර විදෙස් ගතව ඇති අතර මෙම දරුවා සිය ලොකු අම්මාගේ භාරයේ සිට ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

සුදේශ් මධුශංක නැමැති මෙම දරුවා මිතුරන් සමඟ නිවස අසළ හැංගිමුත්තන් සෙල්ලම් කිරීමේදී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ මෙම දරුවා මිතුරන් සමඟ හැංගිමුත්තං සෙල්ලම් කරමින් සිටියදී අසළ පිහිටි ඉදි කරමින් පවතින නිවසක ඉහළ මහලෙන් බිමට වැටී ඇති බවයි.

අනතුරට මුහුණ පෑ දරුවා කඩිනමින් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇති අතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි දරුවා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.