― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsජපානයේ රූ රැජිනට කිරුළ අහිමි වෙයි

ජපානයේ රූ රැජිනට කිරුළ අහිමි වෙයි

ජපානයේ රූ රැජින තරගයේ ජයග්‍රාහිකාව වූ Karolina Shiino ට තම කිරුළ අතහැර දැමීමට සිදුව තිබෙනවා.

මීට සති දෙකකට පෙර ජපානයේ රූ රැජින ලෙස කිරුළු පැළඳි Karolina Shiino යුක්‍රේනයේ උපත ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ජපානයේ ටැබ්ලොයිඩ් වාර්තාවකින් විවාහකයෙකු සමඟ ඇති ඇගේ සම්බන්ධයක් හෙළිදරව් වීමත් සමඟ ඇයට කිරුළ අත්හැර දැමීමට සිදුව ඇති බවයි.

පසුගිය සතියේ පළවූ එම වාර්තාවට ප්‍රතිචාර දක්වමින් Karolina Shiino ප්‍රකාශ කර ඇත්තේ එම පුද්ගලයා විවාහක බව ඇය නොදැන සිටි බවයි.

කෙසේනමුත් Karolina Shiino ඊයේ (05) නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ජනතාව නොමග යැවීම සම්බන්ධයෙන් තමා සමාව අයැද සිටින බවත් ඇය තම කිරුළ නැවත බාර දෙන බවත්ය.