28.4 C
Colombo
Sunday, May 3, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයාල කැලේ ගංජා හේනක් වටලයි

යාල කැලේ ගංජා හේනක් වටලයි

යාල ජාතික වනෝද්‍යානයේ මහා පරිමාණයෙන් කරගෙන ගිය ගංජා හේනක් වටලා සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් ලබා දුන් බුද්ධි තොරතුරකට අනුව මොණරාගල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් යාල ජාතික වනෝද්‍යානයේ සියඹලාණ්ඩුව කුඹුක්කන් ඔය ප්‍රදේශයේ මෙම සෝදිසි කිරීම සිදු කර ඇත්තේ.

මෙම වැටලීමේදී ගංජා ගස් 16800ක්, වියළි ගංජා කිලෝග්‍රෑම් 1658ක් සහ මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සොයාගත් බවයි දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සියලුම ගංජා පැළ හා වියළි ගංජා තොගය ගිනි තබා විනාශ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල කොඨ්ඨාශ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.