― political ―

අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලූ පෙත්සමට අධිකරණයෙන් ලැබුණු නියෝගය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධුරය අවලංගු කරන ලෙස - අභියාචනාධිකරණයේ විරෝධතා ඉදිරිපත් කිරීමට කල් දෙයි අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනු කර...
HomeHot Newsකෙටි කලකින් ජනපති රට හරි පාරට ගත්තා

කෙටි කලකින් ජනපති රට හරි පාරට ගත්තා

ආසියාවේ බලසම්පන්නම දූෂණ විරෝධී පනත පාර්ලිමේන්තුවේ සම්මත කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේ අද (08) පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි හෙතෙම මේ බව සඳහන් කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ යන්න තිබෙන පාර හොඳාකාරවම පැහැදිලි නම් වෙනත් පාරවල් පෙන්වා ජනතාව මුලා කිරීම ජාතියට කරන අපරාධයක් බවයි.

එමෙන්ම අවුරුද්දයි මාස අටකදී රට හරි පාරට ගත් ජනපතිට වසර දොළහක් රට බාර දුන්නොත් ශ්‍රී ලංකාව ආසියාවේම බලවත් රටක් බවට පත් කිරීම සුළු කාරණයක් වනු ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.