25.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආබාධිත, වැඩිහිටි හා වකුගඩු දීමනා ඉහළට

ආබාධිත, වැඩිහිටි හා වකුගඩු දීමනා ඉහළට

ජනවාරි මස සිට බල පැවැත්වෙන පරිදි ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාව ඉහළ දමා තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසුවේ ඒ අනුව රුපියල් 5,000ක්ව පැවැති ආබාධිත සහ වකුගඩු දීමනාව රුපියල් 7,500ක් දක්වා ඉහළ දමා ඇති බවයි.

එමෙන්ම රුපියල් 2,000ක්ව පැවැති වැඩිහිටි දීමනාවද රුපියල් 3,000 දක්වා ඉහළ දක්වා තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ දැනට ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා ලැබීමට සුදුස්සන් මෙම වසරේ පළමු කාර්තුව තුළ හඳුනාගැනීමට නියමිත බවත් මෙම වැඩි කළ දීමනාව අප්‍රේල් මස 01 සිට ඔවුන්ට ද ලබාදීමට නියමිත බවත්ය.