― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsවිදුලි සැර වැදී වන අලියෙක් ජීවිතක්ෂයට

විදුලි සැර වැදී වන අලියෙක් ජීවිතක්ෂයට

වවුනියාව, පුලියන්කුලම ප්‍රදේශයේදී විදුලි රැහැනක ගැටීමෙන් වන අලියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වවුනියාවේ වනජීවි නිළධාරීන් පවසන්නේ පුලියන්කුලම ප්‍රදේශයේ වගා ඉඩමකට ඇඳ තිබූ විදුලි රැහැනක ගැටීමෙන් මෙම වන අලියා ඊයේ(08) ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ උස අඩි 08 යි අඟල් හතරක් පමණ වන, වයස අවුරුදු 25 ක් 30 ක් පමණ වූ වන අලියෙක් බවයි අප වාර්තාකරු පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් වගා ඉඩමේ අයිතිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.