― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමාලු විකුණන මුවාවෙන් කසිප්පු විකිණූ අයෙක් අල්ලයි

මාලු විකුණන මුවාවෙන් කසිප්පු විකිණූ අයෙක් අල්ලයි

තම යතුරුපැදියේ පෙට්ටියක් බැඳගෙන කසිප්පු විකිණූ අයෙක් කටුනායක පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මොහු සිය යතුරුපැදියේ මාලු විකිණීමට භාවිතා කරන පෙට්ටියක් බැඳගෙන, මාලු විකුණන මුවාවෙන් මීගමුව සහ කටාන ප්‍රදේශවල කසිප්පු විකුණා ඇති බවයි.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රුපියල් ලක්ෂ දෙකක පමණ වටිනාකමකින් යුත් කසිප්පු තොගයක් ද අද (12) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හීනටියන ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලීසිය පවසන්නේ.

මොහු වසර ගණනාවක සිට මෙම ජාවාරම කරගෙන යන බවට කටුනායක පොලිසියට ලද තොරතුරු මත දින ගණනාවක් මොහු පිළිබඳව සැඟවී තොරතුරු රැස් කිරීමට කටුනායක පොලීසිය ක්‍රියා කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.