25.6 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකඩේ ගිය දැරියගේ සිරුර වත්තකින් හමුවෙයි

කඩේ ගිය දැරියගේ සිරුර වත්තකින් හමුවෙයි

තලෙයිමන්නාරම ප්‍රදේශයේ 10 හැවිරිදි දැරියක් ඝාතනය කොට තිබෙනවා.

පොලිසිය පැවසුවේ දැරිය සිය නිවස ආසන්නයේ වෙළඳසැළකට ගොස් නැවත නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් දැරියගේ ඥාතීන් සිදුකළ සොයා බැලීමක් මත මළ සිරුර සොයාගත් බවයි.

දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන මත පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර දැරිය කිසියම් ලිංගික හිංසනයකට ලක් වී ඇතිද යන්න සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිළධාරියා විසින් පරීක්ෂා කිරීමට නියමිත බවයි පොලීසිය පැවසුවේ.

දැරියගේ මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර මන්නාරම රෝහලට යොමු කිරීමට නියමිතය.