26.7 C
Colombo
Friday, August 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබඹරු ඇවිස්සී පස්සර සිසුන් 76කට තුවාල

බඹරු ඇවිස්සී පස්සර සිසුන් 76කට තුවාල

පස්සර පොදු ක්‍රිඩාංගණයේ අද (20) පැවති පාසල් නිවාසාන්තර මළල ක්‍රීඩා උත්සවයක් අතරතුර එල්ල වූ බඹර ප්‍රහාරකින් සිසු සිසුවියන් 76 දෙනෙකු පස්සර මූලික ඇතුළත් කර තිබෙනවා.

දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි වෛද්‍ය චානක ගන්කන්ද පැවසුවේ රෝහල්ගත කරන ලද සිසුන් 76 දෙනා අතරින් 50 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බවත් තවත් 26 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ගන්නා බවත්ය.

මෙම ක්‍රීඩාංගණය පහළින් පිහිටි කැලෑබද ප්‍රදේශයේ පවතින බඹර කූඩුවලට සිසුන් පිරිසක් විසින් එල්ල කරන ලද ගල් ප්‍රහාරයක් හේතුවෙන් බඹරු ඇවිස්සී ඇති බවයි මෙතෙක් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පස්සර පොලිසිය විසින් සිදුකරනු ලබනවා.