27.8 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසැක කටයුතු ලෙස මියගිය කාන්තා මළ සිරුරක්

සැක කටයුතු ලෙස මියගිය කාන්තා මළ සිරුරක්

සැක කටයුතු ලෙස මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් අහුංගල්ලේ නිවසකින් සොයාගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අහුංගල්ල, එගොඩමුල්ල ප්‍රදේශයේ නිවසක තනිව ජීවත් වූ 65 හැවිරිදි කාන්තාවක් බවයි.

ඇයගේ නිවස දෙසින් දුඟදක් හමන බවට අසල්වැසියෙක් පොලීසියට කරන ලද පැමිණිල්ලක් මතයි මෙම මළ සිරිර සොයාගෙන ඇත්තේ.

පැමිණිල්ල මත වහාම ක්‍රියාතමක වූ පොලීසිය ඊයේ (19) අදාළ නිවසට ගොස් ඇති අතර එහිදී ඔවුන් දැක ඇත්තේ අදා කාන්තාව නිවසේ පුටුවක් මත මියගොස් සිට ඇති අයුරුයි.

පොලීසිය පැවසුවේ සිරුර දැඩි ලෙස දිය වී ගොස් තිබූ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයනු ලබනවා.