26.1 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලි සැර වැදී තරුණයෙක් ජීවිතක්ෂයට

විදුලි සැර වැදී තරුණයෙක් ජීවිතක්ෂයට

විදුලි සැර වැදීමෙන් 19 හැවිරිදි තරුණයෙක් මියයාමේ පුවතක් ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පොලීසිය පැවසුවේ ඊයේ (20) සවස 3.00 පමණ ගලෙන්බිදුණුවැව, හුරුළු කටුකැලීයාව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් තම නිවසේ කාමරයක් තුළ විදුලි පේනුවක් අලුත්වැඩියා කිරීමට යාමේදී මෙලෙස විදුලි සැර වැදී ඇති බවයි.

විදුලි සැර වැදුණු තරුණයා හුරුළුවැව ප්‍රදේශීය රෝහලට ගෙන යාමට කටයුතු කර තිබුණද ඒ වනවිටත් තරුණයා මියගොස් සිට ඇති බවයි ගලෙන්බිඳුණුවැව පොලිසිය පැවසුවේ.

අප වාර්තාකරු පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ හුරුළු කටුකැලීයාව, යකල්ල මෙගොඩවැව පදිංචි වයස අවුරුදු 19 පමණ වන සේහාන් සුමිඳු ජයකොඩි නැමැති තරුණයෙක් බවයි.

මෘත දේහය මේ වනවිට යකල්ල, හුරුළුවැව රෝහල් මෘත ශල්‍යාගාරායේ තැම්පත් කර ඇති අතර අද (21) ඥාතීන් වෙත බාරදීමට නියමිතය.

සිද්ධියට අදාලව ගලෙන්බිදුණුවැව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබනවා.