― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහොර වීසා පෙන්වා යුරෝපෙට පනින්න ගිය දෙදෙනෙක් අල්ලයි

හොර වීසා පෙන්වා යුරෝපෙට පනින්න ගිය දෙදෙනෙක් අල්ලයි

කූඨ ලෙස සකස් කළ ග්‍රීක සංචාරක වීසා භාවිතා කරමින් යුරෝපය වෙත පළා යාමට තැත් කළ තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත අද (23) අලුයම පැමිණි මෙම තරුණයන් දෙදෙනා ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු හා 26 හැවිරිදි යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔවුන් දෙදෙනා අද අලුයම 04.35 ට දෝහා බලා පිටත්ව යාමට නියමිත කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 663 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් පළමුවෙන් කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගොස්, එතැනින් ප්‍රංශයේ පැරිස් නුවර හරහා ජර්මනියේ මියුනිච් නුවර වෙත පළා යාමට මොවුන් සැලසුම් කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන්තොටුපොළ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.