― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsරනිල් ජනපති අපේක්ෂකයා කිරීම පක්ෂයේ තීරණය නෙවෙයි

රනිල් ජනපති අපේක්ෂකයා කිරීම පක්ෂයේ තීරණය නෙවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය යුතු බවට ඇතැමුන් මත පළ කළද එය පක්ෂයේ මතය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

මහනුවර, නෙල්ලිගල පැවති උත්සවයකින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ රජයේ මැති ඇමති ධූර ලබාගත් පොදුජන පෙරමුණේ සුළු පිරිසක් පමණක් එලෙස පවසන බවයි.

මේ රටේ ඊළඟ ජනාධිපතිවරයා බිහිවනුයේ පොදුජන පෙරමුණ ප්‍රමුඛ පුළුල් සන්ධානයකින් බවයි මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේ.

ජනාධිපතිවරයා එක්ක කැබිනට් මණ්ඩලයේ මේ වෙලාවෙ අමාත්‍ය ධුර, රාජ්‍ය අමාත්‍ය ධුර ලබාගත් අපේ අයගේ අදහසක් තියෙනවා රනිල් වික්‍රමසිංහටම ඉදිරි ජනාධිපති අපේක්ෂක ධුරය ලබාදිය යුතුයි කියලා. තවත් අය තවත් අයගේ නම් ඉදිරිපත් කරනවා. ඒ ගැන අපි කලබල විය යුතු නෑ. ජනාධිපතිවරණයට දින නියම වුණාම අපේ අපේක්ෂකයා අපි ඉදිරිපත් කරන්නම්. තම තමන්ගේ පුද්ගලික මතය ඉදිරිපත් කිරීමේ නිදහස අපේ පක්ෂයේ තියෙනවා. වෙන පක්ෂවල ප්‍රතිවිරුද්ධ මත ඉදිරිපත් කළොත් සාමාජිකත්වය පවා තහනම් කරනවනේ.

ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කියලා හරින් ප්‍රනාන්දු ඇමතිතුමා කියන්න ඇත්තේ විහිළුවට කියලා තමයි මම නම් හිතන්නේ. ඒ ප්‍රකාශයේ පරණතභාවය වගේම ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන අයගේ පරණතභාවය පිළිබඳ මෙතන ගැටලුවක් තියෙනවා. පරිණත භාවයක් නෑ කියලා තමයි මට නං හිතෙන්නේ. කෙසේ වුවත් ඒ රජයේ මතය නෙවෙයි. ඒ නිසා වැඩිය ගණන් ගත යුතු නෑ.

මාර්ගගත ක්‍රමවේදයේ සුරක්ෂිතභාව පිළිබඳ පනතට කථානායකතුමා අත්සන් කළා කියලා විපක්ෂය දැන් කලබල කරනවා. කථානායකතුමා ඒ පනතට අත්සන් කළේ පාර්ලිමේන්තුවේ සම්මත වුණාට පසුවයි. සංශෝධන සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස විමසන්න කාලය දී තිබුණා. ඊට පසුව දෙන තීරණවලට අනුව කටයුතු කරන්න කථානායකතුමාට හැකියාවක් නෑ කියලයි මම නම් හිතන්නේ. ඒ පිළිබඳ ගැටළු සහගත තත්ත්වයක් තියෙනවා නම් කථානායකතුමාට පුළුවන් නීතිපතිතුමා එක්ක සාකච්ඡා කරලා තීරණයකට එළඹෙන්න.”