― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsගෝඨාභය වෙනුවෙන් පෙනී සිටින්නේ නෑ

ගෝඨාභය වෙනුවෙන් පෙනී සිටින්නේ නෑ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම් කිහිපයකට අදාළව කිසිඳු පෙනී සිටීමක් නොකරන බව නීතිපතිවරයා ඊයේ (26) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

2022 වසරේ අප්‍රේල් මස 01 වැනිදා අරගලය පැවැති අවස්ථාවේ දී හදිසි නීතිය පනවා ඇදිරි නීතිය ප්‍රකාශයට පත් කොට සමාජ මාධ්‍ය තහනම පනවමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම්වල වග උත්තරකරුවකු ලෙස නම් කර සිටින එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටීමක් නොකරන බවයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවසා ඇත්තේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් හදිසි නීති රෙගුලාසි ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් ගොනු කළ පෙත්සම් 06ක් ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මෙම දැනුම්දීම සිදුකළා.

මෙම පෙත්සම් ඊයේ (26) ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමේ වග උත්තරකරුවන්ගේ නම් සංශෝධනය කිරීමට අවශ්‍යව තිබෙන අතර ඒ සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට විරෝධය පළ කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මෙම පෙත්සම් සලකා බැලීම කල් දැමීම සම්බන්ධයෙන් තමා විරුද්ධ වන බව සඳහන් කළා.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීම ලබන ඔක්තෝබර් මස 09 වනදා දක්වා කල් තැබීමට නියෝග කළා.

2022 වසරේ අප්‍රේල් මස 01 වනදා අරගලය පැවති අවස්ථාවේ දී හදිසි නීතිය පනවා ඇදිරි නීතිය ප්‍රකාශයට පත් කොට සමාජ මාධ්‍ය තහනම් පනවමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ගොනුකර තිබුණා.