25.6 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅයිස් සමඟ තරුණයෙක් රාගමදී අල්ලයි

අයිස් සමඟ තරුණයෙක් රාගමදී අල්ලයි

රාගමදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුමට සමගාමීව විශේෂ කාර්ය බලකාය ගෝනහේන කදවුරට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (04) රාගම, ඉහළගම හංදිය අසළදී සිදු කළ මෙම වැටලීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 යි මිලිග්‍රෑම් 500ක් සමඟ තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පරාක්‍රම මාවත, පැළියගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 ක තරුණයෙකි.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු රාගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.