― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅභාවප්‍රාප්ත රොනී ද මෙල්ගේ නිවස සොරු බිඳියි

අභාවප්‍රාප්ත රොනී ද මෙල්ගේ නිවස සොරු බිඳියි

අභාවප්‍රාප්ත වූ හිටපු මුදල් අමාත්‍ය රොනී ද මෙල්ට අයත් දෙවිනුවර, පිහිටා තිබූ නිවසට ඊයේ (05) සොරු බිඳ තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ සොරුන් විසින් නිවසේ තිබූ වටිනා භාණ්ඩ රැසක් සොරාගෙන ගොස් ඇති බවයි.

මේ සම්බන්ධයෙන් දෙවිනුවර නිවසේ මුරකරු විසින් ගන්දර පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර ඇති අතර රොනී ද මෙල්ගේ පෞද්ගලික ලේකම් විසින් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

ගන්දර පොලීසියට අමතරව පොලිස්පති විශේෂ නියෝගය මත තවත් පොලිස් කණ්ඩායමක් සිදුවීම පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා.