27.8 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකැස්බෑ බිත්තර සමඟ අයෙක් අත්අඩංගුවට

කැස්බෑ බිත්තර සමඟ අයෙක් අත්අඩංගුවට

රත්ගම වෙරළ තීරයේදී කැස්බෑ බිත්තර තොගයක් සමඟ පුද්ගලයෙක් වි‍ශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා ක්‍රියාතමක් යුක්තියේ මෙහෙයුමට සමගාමීවයි රත්ගම පොලිස් වසමේ CRISTAL SANDS හෝටලය ඉදිරිපිට වෙරළ තීරයේදී මොහු ඊයේ (05) අත්අඩංගුවට ගෙන ඇත්තේ.

කැස්බෑවා යනු සංරක්ෂිත සත්වයකු වන අතර මෙලෙස කැස්බෑ බිත්තර 153 ක් සන්තකයේ තබා ගත් රත්ගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු දොඩන්දූව වනජීවී දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දුන් බවයි පොලීසිය සඳහන් කළේ.