― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමත්පෙති, අයිස් හා ගංජා සමඟ තරුණියක් අල්ලයි

මත්පෙති, අයිස් හා ගංජා සමඟ තරුණියක් අල්ලයි

මත්පෙති තොගයක්, අයිස් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා සමඟ මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුමට සමගාමීව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඇය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පසුගියදා (06) වාලච්චේන පොලිස් වසමේ සෙම්මන්නෝඩෛ ප්‍රදේශයේදී සිදු කළ වැටලීමක දීයි ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 53 මිලි ග්‍රෑම් 240 ක්, කේරළ ගංජා ග්‍රෑම් 24 මිලි ග්‍රෑම් 30 ක් සමග මත්පෙති 1,950ක් සොයාගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වාලච්චේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක කාන්තාවක්.

ඇය සමඟ රුපියල් 86,000ක මුදලක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇය වාලච්චේන පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.