31.1 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදැඩි රැකවල් මැද කුඩු සළිඳු අධිකරණයට

දැඩි රැකවල් මැද කුඩු සළිඳු අධිකරණයට

සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් ‘කුඩු සළිඳු’ නැමැත්තා මීට සුළු මොහොතකට පෙර පානදුර අධිකරණ භූමියට රැගෙන විත් තිබෙනවා.

පානදුර අධිකරණයේ විභාග වන නඩුවක් සඳහා ඉදිරිපත් කිරීමටයි ඔහු මෙලෙස අධිකරණයට රැගෙනවිත් ඇත්තේ.

පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ ආරක්ෂාවක් යොදා ඔහු අධිකරණ භූමියට රැගෙන විත් තිබෙනවා. මේ මොහොත වන විට පානදුර අධිකරණ භූමියේ දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

පානදුර අධිකරණ භූමියේ ප්‍රධාන දොරටු සියල්ල, ආරක්ෂක බැම්ම සහ මාර්ග සියල්ල ආවරණය වන පරිදි ගිනිඅවි රැගත් පොලිස් නිලධාරීන් විශාල පිරිසක් යොදවා තිබෙනවා.