25 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමල්වතුහිරිපිටියේ වෙඩික්කරු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට

මල්වතුහිරිපිටියේ වෙඩික්කරු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට

ගම්පහ, මල්වතුහිරිපිටිය විහාරස්ථානයකදී හිමිනමක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෙඩික්කරු පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියගොස් තිබෙනවා.

අදාළ සැකකරු පොලිස් අත්අඩංගුවෙන් මිදී පළායාමට උත්සාහ කිරීමේ දීයි මෙලෙස පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

අත්තනගල්ල, යටවක ප්‍රදේශයේ සැඟවා තිබූ ආයුධ සොයාගැනීම සඳහා සැකකරු රැගෙන ගොස් සිටියදී මෙලෙස ඔහු පොලිස් අත්අඩංගුවෙන් මිදී පළායාම උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේදීඉ පොලීසිය සිදු කළ වෙඩි තැබීමකින් සැකකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් ස්ථානයේ බුද්ධි අංශ නිලධාරීන් වෙත ලද තොරතුරක් අනුව පසුගිය ජනවාරි 23 වැනිදා මල්වතුහිරිපිටිය – ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු හම්බේගමුව ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.