― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsගාසා ළමා අරමුදලට රුපියල් ලක්ෂ 58ක්

ගාසා ළමා අරමුදලට රුපියල් ලක්ෂ 58ක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ගාසා හි ගැටුම්වලින් විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා ආරම්භ කළ ‘ගාසා ළමා අරමුදල’ සඳහා මේ වන විට රුපියල් 5,773,512ක් ලැබී තිබේ.

මෙවර ඉෆ්තාර් සැමරුම් උත්සවය වෙනුවෙන් වෙන් කර ඇති මුදල් අරමුදලට දායක කරන ලෙස රජය සියලුම අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන වෙත දැනුම් දී ඇත.

එමෙන්ම මේ සඳහා ජනතා දායකත්වය අපේක්ෂා කරන අතර රාමසාන් මාසය තුළ ගාසා හි ළමා අරමුදලට දායක වීමට කැමති පරිත්‍යාගශීලීන් සිටී නම් එම පරිත්‍යාග ලංකා බැංකුවේ Taproban ශාඛාවේ 7040016 ගිණුම් අංකයේ තැන්පත් කළ යුතුය.

අප්‍රේල් 11 වැනිදාට ප්‍රථම වට්ස්ඇප් හරහා රිසිට්පත 077-9730396 ට එවන ලෙස ජනාධිපති කාර්යාලය දන්වා ඇත.