30.6 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋණුසුම් කාලගුණය තවදුරටත් ඉහළට

උණුසුම් කාලගුණය තවදුරටත් ඉහළට

මේ දිනවල දිවයින පුරා පවතින උණුසුම් කාලගුණය තවදුරටත් ඉහළ යමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

රතු නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ වයඹ, උතුරු-මැද, නැගෙනහිර, බස්නාහිර පළාත්වල උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් දැඩි අවදානයක් යොමු කළ යුතු බවයි.

එමෙන්ම මොණරාගල, මන්නාරම, රත්නපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනවා.

සෞඛ්‍ය අංශ පවසන්නේ නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳව ද සැලකිලිමත් වෙන ලෙසත් අධික උෂ්ණත්වය හේතුවෙන් ඇති විය හැකි විජලන තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා හැකි තාක් ජලය පානය කරන ලෙසත්ය.

එමෙන්ම පාසල් ළමුන් එළිමහන් ක්‍රියාකාරකම්වල නොයොදවන ලෙසත් වෛද්‍යවරුන් ඉල්ලා සිටිනවා.