― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකුඩු නිසා පෙම්වතිය බිල්ලට දී පෙම්වතා මාරුවෙලා

කුඩු නිසා පෙම්වතිය බිල්ලට දී පෙම්වතා මාරුවෙලා

යුවළක් විසින් යතුරුපැදියකින් මත්කුඩු බෙදා හරිමින් සිටියදී පෙම්වතිය අත්අඩංගුවට පත්ව තිබෙනවා.

පොලිසියට ලද තොරතුරකට අනුව මාදම්පේ, දුම්මලසූරිය විලත්තව මාර්ගයේදී වැටලීමක් සිදු කර ඇති අතර එහිදී යතුරුපැදියකින් තරුණයෙකු සමඟ ගමන් කරමින් සිටි තරුණියක් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය විසින් යතුරුපැදිය පරීක්ෂා කිරීම සඳහා නවත්වන ලෙස අණ කළ අවස්ථාවේදී එම යතුරුපැදියේ පැමිණි තරුණයා තරුණියව අතහැර දමා පොලීසියෙන් මිදී පලා ගොස් තිබෙනවා.

මාදම්පේ පොලීසිය පැවසුවේ මොවුන් දෙදෙනා කලක සිට මෙලෙස මත්කුඩු බෙදා හැරීමේ ජාවාරමක නිරත වී ඇති බවයි.

මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ විලත්තව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණියක් බවයි පොලීසිය පැවසුවේ.

පොලිසිය විසින් එම තරුණිය පරීක්ෂා කිරීමේදී ඇය සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් පොලිසිය සොයාගෙන තිබෙනවා.