30.6 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දීය ධීවරයින් 31 දෙනෙක් අත්අඩංගුවට

ඉන්දීය ධීවරයින් 31 දෙනෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 31 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (20) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ධීවර යාත්‍රා 3 කින් පැමිණ නෙඩුන්දිව් මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 25 දෙනෙකු සහ මන්නාරම මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 6 දෙනෙකුයි.

නෙඩුන්දිව් මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් ධීවරයින් කන්කසන්තුරේ – මයිලිඩ්ඩි ධීවරය වරාය වෙත රැගෙන යාමට නියමිතයි.